Search This Blog

Monday 21 May 2018

කරදාසි නැති ලොවක් පැතූ සරසවි සිසුවා



Photo Courtesy- Dinamina
රදාසිවලි තොර ලෝකය හෙවත් ජනප්‍රිය paperless  world නම් වූ සංකල්පය හෙමි හෙමින් නමුත් යතාර්ථයක් වෙමින් යනු පෙනේ. දැන් මා සේවය කරන විදේශීය රටේ මාසික බැංකු වාර්තා , ජල බිල්පත්, විදුලි බිල්පත් කිසිවක් කරදාසි කොලවල  ගෙදරට එන්නේ නැත. අප සැමගේ පැමිණීමේ ලේඛන කඩදාසිවල නැත. පරිගණකයට ඇතුළු වී පැමිණීම සටහන් කළ පසු තව ඉහලින් සිටින කළමනාකරුවන් එඅයෙක් හෝ දෙන්නෙක් විසින් එය එදාම අනුමත කල යුතුව ඇත. වැඩබිම් කාර්යාලවල රාක්ක පුරවා තිබු විශාල A 0 ප්‍රමාණයේ සැලසුම් මිටි  දක්නට නැත.පරිගණකයෙන් හෝ මොබයිල්  ෆොනයෙන් මේවායේ අවශ්‍ය කොටස් බාගත කරගැනීමේ පහසුකම් සපුරා ඇත. බොහෝ  නිවේදන හා ලිපි කටයුතු සිදිවන්නේ ඊමේල් හෝ  කෙටි පණිවිඩ ඔස්සේය. 

මිලදී ගැනීම් හා ගෙවීම් වලින් සියයට හැටක් පමණ කෙරෙන්න ඉලෙක්ට්‍රොනිකවය . පත්තර කියවන්නෝ සියයට අනුවක් පමණම  එසේ කරන්නේ අන්තර්ජාලය ඔස්සේය. මේ මා අවට සිදු  වෙමින් ඇති දේවල්ය. මීට අදාළ කතාබහ තව බොහෝ දිශානතීන් වලට රැගෙන යාමට පුළුවන්  පළල්  විෂය පථයකි . 

.එහෙත් පසුගිය වසැරේ අපේ සමාගමට සම්බන්ධ වූ මැදි විය ඉක්මවු , ප්‍රවීණ , බ්‍රිතාන්‍ය ජාතික යාන්ත්‍රික ඉන්ජ්නේරුවෙක් පරිගණක භාවිතයට අකමැති අයෙක් වීම අපේ  පුදුමයට හේතු විය. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට තම පැමිණීම ඇතුලත් කිරීමට ඔහු අකමැති විය. ඔහු ඊමේල් කියවන්නේ නැත. පසුව මේ  හේතු නිසාම සමාගමෙන් ඉවත් වී යන්නට ඔහුට සිදු විය. මේ ආදී පුද්ගල ප්‍රතිරෝධයන් නිසාද , මුද්‍රිත පිටපත්වල නීත්‍යානුකුල භාවය පිලිබඳ  වැඩි විශ්වාශයක් පවත්නා නිසාද  සම්පුර්ණයෙන් කරදාසිවලින් තොර ලොවක් ගැන සිතීමට  තාමත් පුළුවන්කමක් නැත.

අවුරුදු පණහක්‌  පමණ තිස්සේ  ' කරදාසි නැති ලෝකය ' ගැන කතා බහ වැ ඩිපුරම භාවිත වුනේ පුද්ගල පරිගණක භාවිතය වැඩි වී කාර්යාල කටයුතුවලට ලිපි ද්‍රව්‍ය යොදාගැනීම අවම වීම  හෝ නැති වේම කෙරෙහිය. ඒත් මේ සියල්ල සිදු වෙම්නි පවතිද්දී පුදුමයකට මෙන් පසුගිය කාලයේදී ලෝ පුරා කරදාසි  නිෂ්පාදනයද කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත .

මානම්  කරදාසි නැති ලොවක් ගැන සිහින මැව්වේ 1991 වසරේදී සරසවි සිසුවෙක් ලෙස ඇඹිලිපිටිය කරදාසි කම්හලේදී ලද තුන් මසක  පුහුණු කාලයේදීය.

ඉන් පෙර මා දැන  සිටියේ කරදාසි නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය වන්නේ පිදුරු හා කඳුකරයේ වැවෙන පයිනස් ගස් දඬු බවයි. පයිනස් වගාව කඳුකරයට හඳුනවා දුන් මුල් සමයේදී අපේ  පළාතේ  ගම්මුන් ඒවා හැඳින්වුයේ කරදාසි ගස් ලෙසයි.

ඒත් ඇඹිලිපිටියේදී මා දැනගත් පරිදි පිදුරුවල තිබෙන වැඩි  සිලිකා ප්‍රමාණය නිසා ඒවා පල්ප බවට හැරවීම ඉතා අපහසු කාරියකි . පල්ප  සාදන කුටීරවල  සිලිකා ගල්වී බිත්ති මත බැඳීම නිසා වැඩේ අවුල් වී තිබිණි.
අනෙක් අතට  පයිනස් දඬුවල තිබෙන මැලියම් වැනි රසායන ද්‍රව්‍ය ඉවත් කර සුදු කරදාසි හැදීමට විශාල මුදලක් හා පරිසරයරට බරක් වූ රසායන ද්‍රව්‍ය තොගයක් අලුතින් එකතු කරන්නට සිදු වෙයි . ඒ නිසා එවකට ඇඹිලිපිටියේ කරදාසි හදන්නට යොදා ගත් අමුද්‍රව්‍ය වුනේ පිටරටින් ආනයනය කළ පරණ කඩදාසි හා මෙරටින් සපයාගත් ඇල්බීසියා ගසුයි.

කම්හලට නුදුරින්  තනිකරම   කලුදියර ජලාශයක් තිබිණි. ඒ කරදාසි පල්ප සෝදා පිරිසිදු කිරීමෙන් පසු ඒවායෙන් ඉවත් වූ මේ ආකාරයේ  ලිග්නින්, හා කෝස්ටික් සෝඩා වැනි රසායන මුසු කරදාසි කම්හලේ අපජලයයි. මෙසේ එකතු කර ගන්නා කළු දියර   මුදා හරින්නට වුනේ  වලවේ ගඟටයි. මේ ආකාරයෙන්ම වාලච්චේන කරදාසි කම්හල නිසා ඔට්ටමාවඩි කලපුව දුෂණය වී තිබූ බවට ඒ දවස්වල නෝක්කාඩු කතා අසනට ලැබිණි. 

මේ අවුරුදු විසි පහකට කලින් තත්ත්වයයි . ඒත් අද විටත් ලෝ පුරා කරදාසි බාවිතය නිසා සිදුවන පරිසර හානිය ගැන බරපතල ලෙස කතා  බහ සිදු වෙයි. 

ගසක් රැක ගන්නට වුවමනා නම් ස්වභාවික ජාල උල්පතක් දිගටම එසේ තිබෙනු දකින්නට ඔබ කැමතිනම් ඉතා පහසුවෙන් කළ හැකි දේවල් ඔබට තිබේ. ඒ ඔබ බාවිතා කරන කාර්යාල කඩදාසියේ දෙපැත්තම පාවිච්චි කිරීමයි. අනෙක අනවශ්‍ය මුද්‍රිත පිටපත් ගන්නේ නැතිව පරිගණකය ඇසුරේම  ඒවා සුරක්ෂිතව භාවිතා කිරීමයි.

 ලංකාවෙත් බෙන්ටොනයිට් තියෙනවද ?

මීට වසර පහළොවකට පමණ පෙර මම අලුතින් ඉදිවන පාරක් බැලීමට ගියෙමි. මමා  සමග වාහනේ ගියේ ප්‍රවීණ මැටීරියල් ඉංජිනේරුවන් දෙදෙනෙකි. ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගල් වැලි, සිමෙන්ති, තාර ආදී නොයෙක් ද්‍රව්‍ය හා ඒවායේ මිශ්‍රණ සම්බන්ධ ඉතා වැදගත් කාරියයක් මේ 'ද්‍රව්‍ය ඉංජිනේරුවන්' අතින් සිදු වෙයි.
ඔවුන් දෙදෙනාගේ කතා බහ  අතරේ දෙදෙනාම ඉතා උනන්දුවෙන් කතා කරමින් ගියේ ලංකාවේ බෙන්ටෝනයිට් තියෙනවද ? යන්නයි. පොඩි ළමයින් දෙදෙනෙක් රස කැවිල්ලක් ගැන කතා කරන තරමේ උතුරා යන ආශාවෙන් ඔවුන් වහරන මේ බෙන්ටෝනයිට් මැටි ඇත්තෙන්ම සිවිල් ඉන්ජිනේරු විද්‍යාවේ  අනගි සොයා ගැනීමකි.

තාමත් ලංකාවේ තියෙනවා යැයි හරියටම සොයාගෙන නැති බෙන්ටෝනයිට් මැට්ටේ ඇති විශාල ජල ප්‍රමාණයක් දරාගෙන නොකැඩී  සිටීමේ හැකියාව නිසා පොළොව තුල කෙරෙනනොයෙකුත්  කැනීම් හා  පාලම සඳහා පොලොව විද කුළුණු බැස්සවීම වැනි බොහෝ දේ සඳහා බෙන්ටෝනයිට් මැටි නැතිවම බැරිය . 

මෑතකදී පොළෝ මට්ටමට අඩි අසූවක් පමණ යටින් ඉදිවන කුඩා උමන් මගෙක ඉදිකිරීම් නිරීක්ෂණය කරන්නට ගිය මට නැවත බෙන්ටෝනයිට් ගැන ලියන්නට හිතුනේ උමගෙන්  හාරා ගන්නා සියලු පස් බෙන්ටෝනයිට් මිශ්‍ර ජලයේ දියකර පොලොව මතුපිටට එවන්නටත් ඒ මිශ්‍රණයෙන් අනවශ්‍ය පස් පෙරා ඉවත්කරගෙන නැවත අලුත් පස් රැගෙන ඒමට බෙන්ටෝනයිට් දියරය යොමුකරන ක්‍රියාවලිය ගැන කල්පනා කළ විටය.
බෙන්ටෝනයිට් ගැනත් උමන් හැරීමේ අළුත් තාක්ෂණයත් ගැනත් මීළඟ සටහනකින් ලියන්නට සිතා  ගතිමි.  බටහිර ඇමරිකාවේ බෙන්ටන් කලාපයේ බහුලව තිබෙන නිසා ඒ නම ලැබුනත් බෙන්ටෝනයිට් මැට්ටේ රසායනික නම මොන්ට්මොරිලොනයිට්ය , එය සිලිකන් අඩංගු  සිලිකේටයකි.


8 comments:

  1. මම කඩදාසි වලට ආසයි. හැබැයි පුළුවන් හැම වෙලාවේදීම සොෆ්ට් කොපි වලින් තමා වැඩ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මට බරපතල වැඩක් කරද්දී ප්‍රින්ට් අවුට් ටික අරන් මේසේ උඩින් තියාගන්න ඕනි . ඒක උඩ කුරුටු ගාන්න ඕනි . උත්සහ කරනවා මේ ගතිය අඩු කරගන්න

      Delete
  2. බ්ලොග් රෝලට එකතු කලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අටම්. මේ බ්ලොග් එකේ නමේ අකුරක් අඩු වුනා . දැන් නම siliconwella ඉස්සර මත e අකුරක් තිබ්බා

      Delete
  3. කඩදාසි නැති ලෝකෙට යන්න ඉස්සර වෙලා අපිට අකුරු ලියන්න බැරිවෙනවා. පෙරේදා තිබුන මගුල් උත්සවයක Guest book එකේ නම ලියලා සුබ පැතුමක් ලියන්න ගියාම අකුරු හරියට ලියවෙන්නේ නැත්තේ, දැන් හැම මගුලම කොම්පියුටරයේ ටයිප් කරනවා මිසක් අකුරක් ඉලක්කමක් කොලේක ලියන්නේ නැති නිසා නේද කියලා මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හී මගුල් ග්වල්වල ඉස්සරහට ගෙස්ට් බුක් එක වෙනුවට ටැබ් එකක් තියනන වෙනවා

      Delete
  4. කරදාසි අඩු වෙන එක හොඳා.. ඒත් මම තාමත් ආසයි නැවුම් කරදාසි, තීන්ත සුවඳ තියන පත්තරයක්, පොතක් කියවන්න, ඉලෙක්ට්‍රොනිකලි සුවඳ විදින්න බැරි එක හරි අඩුවක්...අඩු ගානේ කම්පියුටර් චිප් වලින් එන මොකක් හරි සුවඳක්වත් එනවනම් නේද !

    ReplyDelete
    Replies
    1. ඕක අපේ පරම්පරාවේ ගොඩක් දෙනෙකුට තියෙන දෙයක් සෙන්නා

      Delete